රනිල් අපේක්‍ෂක වුනොත් සජිත් පිලෙන් පිරිසක් ගෝඨාට.. සජිත් අපේක්‍ෂක වුනොත් රනිල් පිලෙන් පිරිසක් ගෝඨාට !

ථානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සඳහන් කරයි.

ස්ථිර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කරු ජයසූරිය මහතා බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා එජාප අපේක්ෂක වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී ප‍්‍රබලයන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට එක්වන බවත් එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා වුවහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට එක් වීම ස්ථිර බවත් ඔහු සඳහන් කලේය.


No comments:

Powered by Blogger.