හරීන් සදුදා වනතුරු රනිල්ට දින දෙයි.. සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් රනිල්ගේ නිවසේ අගහරුවාදා සිට උපවාසයක් අරඹයි

මැති සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදුනහොත් තමන් පැදුරක් එලාගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ උපවාසයකට වාඩිවන බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

තමන් ඒ සඳහා සදුදා වන තෙක් කල් දෙන බවත් අඟහරුවාදා දින මෙම උපවාසය ආරම්භ කරන බවත් ඔහු සඳහන් කර ඇත.

ඇමැතිවරයා එසේ පැවසීමත් සමඟ තවත් 10-15 ක පමණ පිරිසක් තමන් ද ඊට එක්නක බව කියමින් ඔහුව දිරිගන්වා තිබේ.

ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී පිරිසක් සමගින් සුජීව සේනසිංහ මහතාගේ ඥාති නිවසක පැවැති සාකච්ඡාවකදීය.


No comments:

Powered by Blogger.