"සුරක්ෂා රක්ෂණය පෞද්ගලික සමාගමකට දුන්නේ අපි නෙවෙයි ජනපති" - අකිලගෙන් පිළිතුරු

පාසල් සිසුන් වෙත ලබාදෙන සුරක්ෂා රක්ෂණාවරණය සැපයීමේ සේවාව ටෙන්ඩර් කැඳවා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමට ලබාදීමට තමන් කටයුතු කළත් එය පෞද්ගලික සමාගමකට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 ඒ මහතා මේ බව පැවසුවේ දිවයින පුරා ඉදිකළ නව පාසල් ගොඩනැඟිලි 200ක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ටෙන්ඩරය රජයේ සමාගමට පිරිනැමීමෙන් අනතුරුව පෞද්ගලික සමාගමක් විසින් ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අභියාචනා මණ්ඩලය එම ටෙන්ඩරය පෞද්ගලික සමාගමට ලබා දීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම ටෙන්ඩරය තමන් විසින් පෞද්ගලික සමාගමකට ලබාදුන් ආකාරයක් පෙන්නුම් කරමින් මාධ්‍ය පහරදෙන බව පැවසූ ඒ මහතා පෞද්ගලික සමාගමට ටෙන්ඩරය ලබාදුන්නේ තමන් නොවන බව අවධාරණය කළේය.

එහෙයින් ගල් මුල් ප්‍රහාර කොතෙක් එල්ල වුවත් තමන් මේ ගෙනයන වැඩපිළිවෙල නවත්වන්නේ නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.