රන්ජන්ගෙන් අකිලට සැර පිළිතුරක්

රන්ජන්ගෙන් අකිලට සැර පිළිතුරක්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට තමන් චෝදනා කළ 24 දෙනා අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් නොමැති බවක් තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව අමාත්‍ය රංජන් රාමනායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනා කළ අය අතර එජාපයේ අය නැතැයි පසුගියදා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රංජන් රාමනායක මහතා පැවසූ බවට එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමිනි.

තම ප්‍රකාශය කෙදිනකවත් ඉල්ලා අස්කර නොගන්නා බවට තරයේ පැවසූ ඒ මහතා තමන් ළඟ ඇති මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ නම් ලැයිස්තුව කථානායකවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අන්තරාදායක ඖෂධ නිවාරණ කමිටුවට දැනුම් දී ඇති බවත් පැවසීය.

කෙසේවෙතත් තමන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙකී නම් ලැයිස්තුව කියවීමට සූදානම් වූ අවස්ථාවේදී එහි සිටි සියල්ලන්ම එය අනවශ්‍ය බව ප්‍රකාශ කළ බවත් රාමනායක මහතා සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයක් සඳහා නාම යෝජනා කැඳවන කාලය වනවිට තමන් මෙම නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන බවයි රාමනායක මහතා ප්‍රකාශ කළේ.

No comments:

Powered by Blogger.