අත්අඩංගුවට පත් දිමුත් කරුණාරත්නට ඇප

අත්අඩංගුවට පත් දිමුත් කරුණාරත්නට ඇප

බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න  පොලිස් ඇප මත මුදා හැර ඇත.

බොරැල්ල, කිංන්සි හොර්ටන් පෙදෙසේ දී අද (31) අලුයම 5.15 පමණ සිදූ වූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

දිමුත් කරුණාරත්න පැදවු කාර් රථය ත්‍රිරෝද රථයක ගැටි ඇති අතර අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.

කාර් රථයේ රියදුරු වූ දිමුත් කරුණාරත්න ඒ අවස්ථාවේ බීමත්ව සිට ඇති නිසා ඔහුව එම අවස්ථාවේදි පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනිම සිදු විය.

No comments:

Powered by Blogger.