"බෝයින්ග් 737 මැක්ස් 8" ට සිංගප්පුරුවෙන් තහනමක්



"බෝයින්ග් 737 මැක්ස්8"  වර්ගයේ ගුවන්යානා තම රටට ගොඩබැස්වීම හා රට තුල පවතින "බෝයින්ග් 737 මැක්ස්8"  වර්ගයේ ගුවන්යානා රටින් ගුවන්ගත කිරීම තාවකාලිකව නවතා දැමීමට සිංගප්පුරු සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ ඉකුත් දා 157 දෙනෙකුට මාරු කැඳවමින් අදිස්බාබා සිට නයිරෝබි දක්වා ගමන්කළ "බෝයින්ග් 737 මැක්ස්8" වර්ගයේ ගුවන්යානයක් අනතුරට පත්වීමත් සමගයි.

මේ අතර "බෝයින්ග් 737 මැක්ස්8"  වර්ගයේ ගුවන්යානා ගුවන්ගත කිරීමට සුදුසු තත්වයක පවතින බව අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන සේවාව මීට  ඉහතදී නිවෙද්නකය් නිකුත් කළා.

ඉකුත් දා 157 දෙනෙකුට මාරු කැඳවමින් අදිස්බාබා සිට නයිරෝබි දක්වා ගමන්කළ "බෝයින්ග් 737 මැක්ස්8" වර්ගයේ ගුවන්යානයක් අනතුරට පත්වීමත් සමග අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන සේවාව සඳහන් කලේ බෝයින් වර්ගයේ සියලු ගුවන් යානා ගුවන්ගත් කිරීම නවතා දමන ලෙසයි.

ඊට හේතුව වුයේ ඉතා කෙටි කාලසීමාවක් ඇතුලත "බෝයින්ග් 737 මැක්ස්8" වර්ගයේ යානා දෙකක්ම අනතුරට ලක්වීමයි.

මෙට පෙර ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදීද මෙවැනි "බෝයින්ග් 737 මැක්ස්8" වර්ගයේ ගුවන්යානාවක් අනතුරට පත්වුණා.ඒ යානයේ ගමන්කළ 189 දෙනෙකුට මාරු කැඳවමින්.

මේ අනුව කරන ලද පරීක්ෂණයකින් අනතුරුව අමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන අධිකාරිය පැවසුවේ "බෝයින්ග් 737 මැක්ස්8" වර්ගයේ ගුවන් යානා සඳහා නැවත පියාසර කිරීමට අවස්තාව සැලසෙන බවයි.

No comments:

Powered by Blogger.