රථ වාහන නීති කැඩු සුද්දෝ තුන්දෙනෙකුට වැඩ වරදී


ලංකාවේ රිය පැදවීමට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ධාවනය කල විදේශීය සැකකරුවන් තිදෙනෙකු කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට දඩ නියම කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

ඒ අනුව එක විදේශිකයෙකුට රුපියල් පන්දහස බැගින් විදේශිකයන් තිදෙනාට ගෙවීමට නොයෝග කළා. එලෙසම රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට වාහනයක් ලබා දීමේ වරදට වරදකරු වූ පුද්ගලයන් තිදෙනාට රුපියල් හාරදහස බැගින් දඩ මුදල් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

මෙසේ වරද පිළිගෙන දඩ මුදල් ගෙවීමට නියෝග කලේ  29 හැවිරිදි ඩෙනිස් ග්රෑන් මාකර්, 36 හැවිරිදි බියංගා කැෆුල් යන පෝලන්ත ජාතිකයන් දෙදෙනාට සහ 33 හැවිරිදි ක්‍රාන් ඩෙනිෆීන් යන විදේශිකයන් තිදෙනාටය.

යතුරු පැදිය ලබා දීම සම්බන්ධව වරදකරු වන වී ඇත්තේ කැකනදුර සහ මිරිස්ස ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුටය. 

No comments:

Powered by Blogger.