ජනපතිගේ කථාවට සුජිවගෙන් පිළිතුරු

ජනපතිගේ කථාවට සුජිවගෙන් පිළිතුරු

එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ පිටස්තරයින් නොව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ (18)පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන එක්සත් පෙරමුණේ සමුළුවේදී ඊයේ සිදුළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කීවේය.

ඒ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි ව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීම ගැන කලින් අපිට ප්‍රශ්න තිබුණා. නමුත් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා තමයි එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ. එතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කරන්නේ වෙන කවුරුහරි කියන්න පුලුවන්.පොහොට්ටුව පාලනය කරන්නේ තව කවුරුහරි කියන්න පුලුවන්.නමුත් ඒ පක්ෂ පාලනය කරන්නේ ඒ පක්ෂවල නායකයෝ.” 

No comments:

Powered by Blogger.