"මම ඕනෑම මැතිවරණයකට සුදානම්" - කිරිඇල්ල

පාලත් සභා මැතිවරණ ඉල්ලමින් ප්‍රසිද්ධියේ කථා කරන ඇතමි පක්ෂවල පිරිස් පාර්ලිමේන්තුවේ තමන් සමඟ මෙම මැතිවරණය කල්යාම හොද බවට ප්‍රකාශ කරන බවත් එයට ප්‍රධාන හේතුව එම පක්ෂවල සැබැ ජන්ද බලය හෙළි විමට අකමැත්ත නිසා බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අද (18) මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එමෙන්ම මෙම පලාත්සභා මැතිවරණය සම්බන්දයෙන් කැ ගසන පිරිස් 1987 වසරේ දි මෙම පලාත්සභා ඇති කරනවාට විරුද්ධ වු අය මෙන්ම පලාත්සභා මැතිවරණය පවා ප්‍රතික්ෂේප කළ පිරිසක් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ පලාත්සභා හෝ ඕනැම මැතිවරණයකට තමන් සුදානම් බවත් පලාත්සභා මැතිවරණය කල් දැමිමේ අවශ්‍යතාවයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවත් එලෙස කල් දැමිමට අවශ්‍ය වුයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට බවත්ය.

 පළමුවන් කුමණ මැතිවරණය පැවැත්වුවද තමන් එයට සුදානම් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.