තෝට්ටම ගම්මානයේ හේන්වලට කඩා පනින අඩි 2ක විරූපී පුද්ගලයා (photos)

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝට්ටම ගම්මානයේ වරාලන්ද හේන් යායට රාත්‍රි කාලයේදී අඩි දෙකක් පමණ උස විරූපී පුද්ගලයකු පැමිණීම නිසා හේන් ගොවියන් බියට පත්ව තිබේ.
පසුගිය සතියක පමණ කාලයක සිට අවස්ථා කිහිපයක මෙම අද්භූත පුද්ගලයා මෙම හේන්යායට පැමිණි බව ගොවීහු කියති.
පසුගිය 02 වැනි දින රාත්‍රි වරාලන්ද හේන් යායේ තම ඉරිඟු වගාව මුර කරමින් සිටි එන්.ඩී. කරුණාතිලක මහතා මෙම මිටි මිනිසා දැක බියවී වෙනත් හේනක පැලකට ගොස් තිබේ.
පසුව එහි සිටි තවත් දෙදෙනකු සමඟ නැවත පැමිණ බලන විට එම පුද්ගලයා නොසිටි බව මෙම සිද්ධියට මුහුණ දුන් කරුණාතිලක මහතා පැවසීය. මම පසුගිය දෙවැනිදා රාත්‍රි අටට විතර හේනට ආවා ඇවිත් පැලේ ටිකක් හාන්සි වෙලා හිටියා. මට ටිකක් නින්ද ගියා. මට එකපාරටම ශබ්දයක් ඇහුණා. මම ඇහැරිලා ටෝච් ගහලා බලන කොට අඩි දෙකක පමණ උස මිටි මිනිහා දැක්කා. කොණ්ඩේ වැවිලා තිබුණා. මූණ රතුයි.
ඇතුළට එබිලා වගේ තිබුණා. තොල් දෙක රතුයි. මීට සතියකට පමණ පෙරත් මම මූ දැක්කා. මම ටෝච් එක අරගෙන මූණට ගහලා කෑ ගැහුවා. නමුත් ගියේ නැහැ. පස්සේ මම දුවලා ගිහින් අනිත් පැලේ අයට කතා කර ඒ අය ඇවිත් බැලුවා. එතකොට උෟ යන්න ගිහින්. ඒ කුරු මිටි මිනිසා හිටපු තැන අඩි පාරවල් තිබුණා. දැන් අපිට පැල් රකින්න එන්නත් බයයි.
No comments: