UPDATE - පුත්තලමේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 ක් හා ඩෙටනේටර් 100ක් සොයා ගැනේ

UPDATE - පුත්තලමේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 ක් හා ඩෙටනේටර් 100ක් සොයා ගැනේ

පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න තොගයක් හා ඩෙටනේටර් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට  ගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

අප වාර්තාකරු පැවසුවේ වනාතවිල්ලුව  මංගලපුර කරඩිපුවල් ප්‍රදේශයේ විශාල පොල් වත්තක මෙම පුපුරන ද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ  සගවා තිබු බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත මෙම පුපුරන ද්‍රව්‍ය සොයාගත් බවය.

මෙම උපකරණ සමග ඩිජිටල් කැමරාවක් ද තිබු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේය.

ඊට අදාල පොලිස් වාර්තාව පහතින් 

No comments:

Powered by Blogger.