JVP යෙන් විමල්ට අනතුරු ඇඟවීමක්

JVP යෙන් විමල්ට අනතුරු ඇඟවීමක්

බුද්ධිමය දේපොළ පනත යටතේ විමල් වීරවංශ මහතා විසින්ටිල්වින් සිල්වා මහතාට ලබාදිය යුතු රුපියල් කෝටියක වන්දි මුදල ලබා නොදුනහොත් ඔහුගේ දේපොළ ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය.

පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ලිපිලේඛන පදනම් කරගෙන විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත්කළ 'නැත්ත වෙනුවට ඇත්ත' කෘතියට එරෙහිව පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ වාණිජ අධිකරණයේ නඩු පැවරූ බවද හෙතෙම පවසා සිටියේය.

ඊයේ (13) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල මහතා, බුද්ධිමය දේපොළ පනතට අනුව මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, පක්‍ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ලියනලද ලිපි කිහිපයක් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවතුළ පමණක් සාකච්ඡාවූ බවත්පැවසීය.

එම ලිපි සොරාගෙන කර,පොතක් මුද්‍රණය කර, එය විකුණා, ලාභයක් ලබාගෙන තිබෙන බවත්, එම කටයුතු බුද්ධිමය දේපොළ පනත උල්ලංඝනය කිරීමක් ලෙස අධිකරණය තීන්දු කර තිබෙන බවත් නීතිඥවරයා පවසා සිටියේය.

මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක (මිලියන 10ක) වන්දි මුදලක් ලබාදිය යුතු බවට අධිකරණය තීන්දු කර තිබෙන බවත්, එම මුදල ගෙවීමට කටයුතු නොකළොත් නීතිමය ප්‍රතිපාදන යටතේ විමල් වීරවංශ මහතාගේ දේපොළ ලැයිස්තුවක් අධිකරණයට ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.