සේනාට ඇමරිකාවෙන් බෙහෙතක්



සේනා දළඹුවන් මර්දනය කළ හැකි විශේෂ වෛරස් කාණ්ඩයක් ඇමෙරිකාවෙන් මෙරටට ආනයනය කර තිබේ.

උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානි එස්. එස්. වැලිගමගේ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ මෙරටට ලැබුණු එම වෛරස් කාණ්ඩය ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ පර්යේෂණ අද සිට ආරම්භ කරන බවයි. මීට අමතරව බැසිලස් කුරෙන්ජයිටිස් නැමති මෙරටින් සොයා ගත් බැක්ටීරියාවක්ද සේනා දළඹුවන් මර්දනය සඳහා යොදා ගැනීමේ පර්යේෂණ මේ වනවිට ක්‍රියාත්මක බවද ඔහු පැවසීය. වැලිගමගේ මහතා සඳහන් කළේ, ජෛව විද්‍යාත්මක ක්‍රමයක් ලෙස සේනා දළඹුවන්ට හානි කරන කෘමීන් 04 දෙනෙකුද හඳුනා ගෙන ඇති බවයි. එම කෘමීන් ක්ෂේත්‍රයට හඳුන්වාදීම සඳහා පර්යේෂණ ක්‍රියාත්මක බව එස්. එස්. වැලිගමගේ මහතා ප්‍රකාශ කළේය.


www.reporter.lk

No comments:

Powered by Blogger.