"මම එනකොට පොඩි ගඳක්වත් තියෙන්න බැහැ" - කරදියාන කසල අංගනයේ නිලධාරීන්ට මහඇමතිගෙන් දොස්

කරදියාන කසළ අංගනය ගඳ තමනට ඉවසන්න බැරි බව බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා එහි පැමිණි අවස්ථාවේදී නිලධාරීන්ට චෝදනා කළේය.

තමන්ට ඉවසන්න බැරි ගද එම ප්‍රදේශයේ ජනතාව කෙසේ වනු ඇතිදැයි මහ ඇමැතිවරයා ප්‍රශ්න කළේය.

එහි මිහිසර තොරතුරු කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවය සඳහා පැමිණි ඇමතිවරයා නිලධාරීන්ට මෙසේ චෝදනා කළේය.

මෙම දුර්ගන්ධය නැති කිරීම සඳහා වහා රසායනික යොදන ලෙසද කී මහ ඇමතිවරයා රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නේ නම් එතරම් දුගඳක් තිබිය නොහැකි බව ද සඳහන් කළේය.

No comments:

Powered by Blogger.