අලුත් අවුරුද්දට අලුත් කාසි පෙළක්


අලුත් අවුරුද්ද වෙනුවෙන් නව කාසි පෙළක් හදුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම කාසි පෙළට රුපියල් දහය, පහ,
දෙක හා රුපියල වටිනාකම් සහිත කාසි ඇතුළත් වන අතර, වටිනාකම වැඩි වන අනුපිළිවෙළට විෂ්කම්භය හා ඝනකම වෙනස් කර දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට වෙන් කර හදුනාගත හැකි වන සේ වෙනස් වූ දාර ද යොදා මෙම කාසි නිෂ්පාදනය කර

ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

 මෙම කාසි අඩු මිලක් සහිත මළ නොබැඳෙන වානේවලින් නිෂ්පාදනය කර තිබෙන බවත්. කාසිවල බර හා ප්‍රමාණය අවම කිරිමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කරගෙන ඇති බවත් එම ප්‍රකාශකයන් සඳහන් කළේය.

 මුදල් පසුම්බියක පහසුවෙන් රැගෙන යා හැකි පරිදි සැහැල්ලු නිමාවකින් යුක්ත මෙම කාසි මළ නොබැඳෙන වානේ යොදා නිපදවා ඇති හෙයින් ලෝහාලේපික කාසිවලට වඩා වැඩි කල් පවතින බව ද මහ බැංකුව පවසයි.
ඕනෑම අයකුට ශ්‍රී ලංකාවේ ඕනෑම වාණිජ බැංකු ශාඛාවකින් මෙම නව කාසි කිසිදු හිඟයකින් තොරව ලබා ගැනීමට හැකි බව මහ බැංකු නිලධාරිහු පවසති.


-සුජිත් හේවාපුලිගේ-

No comments:

Powered by Blogger.