මාධ්‍යවේදියෙක් අතුරුදන්


පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරන පොතුවිල් ප්‍රාදේශීය මාධ්‍යවේදියා ඊයේ (06දා) උදෑසන සිට අතුරුදන්ව ඇතැයි පොතුවිල් පොලිසියට පැමිණිලි කර ඇත.
අතුරුදන්ව ඇත්තේ පොතුවිල් මදුරච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්පස් හැවිරිදි දෙදරු පියකු වන ඒ.එල්. ෂියාත් යන අයයි. මාධ්‍යවේදියා සතුව තිබූ ගමන් බෑගය පොතුවිල් මුහුදු මහ විහාරය අසල වෙරළේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ අනුව මුහුද පරීක්‍ෂා කොට තොරතුරු සොයා බැලීම සඳහා ගිනිකොන දිග නාවික හමුදා කඳවුරට දැනුම් දී ඇති අතර දිවයිනේ පොලිස් ස්ථානද දැනුවත් කර තොරතුරු සෙවීමට පොලිසිය මැදිහත් වී ඇත.
මාධ්‍යවේදියා නිවෙසේ ඇති වූ ආරවුලකින් පසුව මෙසේ අතුරුදන්ව ඇති බව පොලිසියට තොරතුරු ලැබී ඇත. සිද්ධිය සම්බන්ධව පොතුවිල් පොලිසියේ ස්ථානාධිපති ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

www.reporter.lk

No comments:

Powered by Blogger.