මන්නාරම් මිනීවලෙන් හමුවු සිරුරු 266 දක්වා ඉහළට


 
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ අද (7) දක්වා සිදුකරන ලද කැනීම් වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 266 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙසේ හමු වූ ඇට සැකිලිවලින් 266 වන ඇටසැකිල්ලේ කකුල්වල අස්ථි කිසියම් ලෝහයකින් බැඳ ඇති ආකාරයක් දැක්වෙන අස්ථියක් හමු වූ බවටත් එම අස්ථිය මන්නාරම් මහෙස්ත්‍රාත් ආර්.සරවනාරාජා මහතාගේ අධික්ෂණය පිණිස අධිකරණය වෙතට යොමු කර ඇති බවත් අදාළ ලෝහය කුමන ආකාරයක එකක් දැයි හරියටම මෙතෙක් අනාවරණය  වී නොමැති බවටද  කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අද (07) වන විට මන්නාරම් සමූහ මිනිස් වලේ දින 113 ක් පුරාවට සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු ඇටසැකිලි 266ක් හමු වී ඇති අතරම ගොඩගත් සිරුරු 266 න් සම්පූර්ණ සිරුරු කොටස් 260ක් කට අදාළ සිරුරු වෙන්කොට ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

රොමේෂ් මධුෂංඛ

www.reporter.lk

No comments:

Powered by Blogger.