විගී ගේ ආරක්ෂාව ඉවතට


උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතාට සපයා තිබූ ආරක්ෂව පෙරේදා(27) සවස සිට ඉවත් කොට ඇති බව  ඔහු ප්‍රකාශ කරයි.
යපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ සී.වී.විග්නේස්වරන් මහතා කියාසිටියේ තමන් මේ පිළිබදව පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැණුම් දෙන බවයි.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා හැටියට තමන්ට පොලිස් ආරක්ෂාවක් සපයාදිය යුතු  බව පවසන විග්නේස්වරන් මහතා පවත්නා නීතිරීති වලට පටහැනිව රජය කටයුතු කොට ඇති බවද කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)

www.reporter.lk

No comments:

Powered by Blogger.