තාජුඩීන් ඝාතනයේ මිනීමරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග


 
රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නියම මිනීමරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 
මෙම සිද්ධියට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා මිනීමැරීමේ චෝදනාවට සම්බන්ධ අය නොවූ බැවින් සිද්ධියට අදාළ නියම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා අනවශ්‍ය ප‍්‍රමාදයක් ඇති නොකරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද (29) අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ. 

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනි දින නාරාහේන්පිට පොලිස් වසමේ පාර්ක් පාරේ ශාලිකා කි‍්‍රඩාංගනය අසල මාර්ගයේදී රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් නැමැත්තා කාර් රථයක් තුළ සැක සහිත ලෙස පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් රහස් පොලීසිය වෙත පැමිණිලි කර තිබුණේ අංක 20, මුරුගන් පෙදෙස, කොළඹ 06 පදිංචි අයේෂා තාජුඞීන් යන අය විසිනි.

(නිමන්ති රණසිංහ)

www.reporter.lk

No comments:

Powered by Blogger.