අවුල ලිහන්න ජනපති එකඟ වුණා - කතානායක මාධ්‍ය ඒකකය කියයි


රටතුළ උද්ගතව  තිබෙන අවුල්සහගත දේශපාලන වාතාවරණය නිමා කිරීම සඳහා කඩිනම් විසඳුමකට එළඹීමේ ක්‍රියාමාර්ග ගැනීමට කතානායකවරයා සමඟ අද (29) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟතාවය පළකළ බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ සඳහා විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟද වෙන වෙනම හෙට (30) සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර අද (29) කොළඹ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ  මෙසේද සඳහන් වේ.


www.reporter.lk

No comments:

Powered by Blogger.