ජාතික යොවුන් සම්මාන උළෙලේදී තරුණයින් දෙදෙනෙක් ගම්මංපිල හා දුමින්ද අතින් සම්මාන එපා කියලා

https://www.gossiplankanews.com/2018/11/national-youth-awards-duminda-gammanpila.html#more
යේ (28) නෙළුම්පොකුණ රංග ශාලාවේදී පැවති 40 වන ජාතික යෞවන සම්මාන උළෙලේ සම්මාන පිරිනැමීමට පැමිණි ආරාධිත ඇමතිවරුන් දෙදෙනෙකුට මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. සම්මාන ප්‍රදානය වරින්වර විවිධ ආරාධිතයින් කැඳවා
විවිධ ඉසව් සඳහා පිරිනැමූ අතර එක් අවස්ථාවක
වේදිකාවට කැඳවා තිබුනෙ උදය ගම්මංපිල හා දුමින්ද දිසානායක ඇමතිවරුන්ය. එහිදී දෙමළ අංශයේ සෞන්දර්ය අංගයක් සඳහා සම්මාන පිරිනැමුණ අතර කන්ඩායමකට සම්මාන හිමි විය. නමුත් එහි විශේෂිත සිදුවීම වූයේ සම්මාන ලබාගන්නට පැමිණි තරුණයින් දෙදෙනෙකු ඇමතිවරුන් දෙදෙනාට අතට අතදීම මෙන්ම ඔවුන්

අතින්සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.පසුව එම ස්ථානයේ සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරු අතින් ඔවුන් සම්මාන ගනු පෙනිණි.

ඇමතිවරුන් සම්මාන ලාභීන් දෙදෙනාට අත දික්කර සම්මාන දෙන්නට හදද්දී එය ඔවුන් මුහුණට දමාගසන්නාක් මෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා වේදිකාව මත සිටි දෙදෙනාට කිසියම් ලජ්ජා සහගත අවස්ථාවක්ද උදාවිය.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව 40 වැනි වරට මෙම ජාතික යෞවන සම්මාන ප්‍රදාන උලෙල සංවිධානය කරන ලදි.

සිද්ධියට අදාළ වීඩියෝ කොටස මේ වනවිට සමාජ ජාලා තුළ සැරිසරයි.

No comments:

Powered by Blogger.