ඉන්දු පකිස්තාන් අවුල ඇවිලේ - ඉන්දියාව සාර්ක් සමුළුවත් වර්ජනය කරයි


පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය කර ඇතැයි  ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.
ඉන්දියාව - පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබීම සම්බන්ධයෙන් ඇති වූ  මතභේදාත්මක තත්ත්වය  හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය.
"පාකිස්ථානය ත්‍රස්තවාදී ක්‍රියා නවත්වන තුරු  කිසිදු සංවාදයක් නොපවත්වන බවත් සාක් සමුළුවට සහභාගී නොවීටමද අපි තීරණය කර ඇතැයි"  ඇය පැවසුවාය.
හැකි ඉක්මණින් සාර්ක් සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය. 
2016 දී ඉස්ලාමාබාද් අගනුවර පැවැවූණු  19 වැනි සාක් සමුළුවටද ඉන්දියාව සහභාගී වී නැත.

www.reporter.lk

No comments:

Powered by Blogger.