කතානායක - ජනපති තීරණාත්මක හමුව අද (29) සවස


අද දින පාර්ලිමේන්තු සභාවාරයේදී විජේදාස රාජපක්ෂ මැතිතුමන්  විසින් සිදු කළ කතාවේදී දන්වා සිටියේ
ඇතිව තිබෙන අර්බුදය මුහුණට මුහුණ සාකච්ඡා කර විසඳිය යුතු බවත් කතානායකවරයා හා ජනපති අතිර සංවාදය අවශ්‍ය බවත්ය. ඒ සමගම ඔහු කියා සිටියේ තමන් ජනපති පාර්ශ්වය සමග කතාකර ඇති නිසා එවැනි දේකට ජනපති මෛත්‍රිපාල සිරිසේන කැමැත්තෙන් පසුවන බව දන්වා සිටින බවයි.
විජේදාස රාජපක්ෂගේ කතාවෙන් පසු කතානායක කරු ංයසූරිය තම්න හැමවිටම එවැනි දේකට එකඟ බව පැවසූ අතර ඒ අනුව කතානායක කාර්යාලය අද සවස
ජනපති-කතානායක හමුවක් සූදානම් කර ඇති බව දන්වා ඇත.
මෙහිදී පවතින අර්බුදය තීරණාත්මක ලෙස විසඳීමට සාකච්ඡාවක් පවත්වනු ඇත.
විජේදාස රාජපක්ෂ කතාවේදී දැක්වූ අදහස වූයේ මේ වනවිට මහින්දට බහුතරය නැතත් ආන්ඩුවක් කරන්නට බහුතර බලයක් කාටවත් නැති බවකි. ඒ අනුව බහුතරය දිනාගතහැකි නායකයෙකුට රට බාරදෙන කතාවක්ද කියැවිණි.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි හෙලි කරන්නේ අද සාකච්ඡාව මගින් මෙම අර්බුදය අවසන් වන පෙරනිමිති පහළව ඇති බවකි. එසේම ජනපතිවරයා සිය ගැසට්ටුව ඉවත්කරගෙන 7 වනදා තමන්ගේ අනාගතයට බලපෑහැකි තීන්දුවෙන් බැහැරවනු ඇති බවටද අද වන විට ආරංචි පැතිර තිබුනි.

No comments:

Powered by Blogger.