පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි - මහජනයාට ගැලරියේ දොර වැසෙයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි - මහජනයාට ගැලරියේ දොර වැසෙයි

පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට අද(29) දිනයේ යලි රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති බවයි.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබේ.

ඒ අනුව පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

අද දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ආණ්ඩු පක්ෂය පවසයි.

අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පෙරවරු 08.30ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන බවයි.

එහිදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.