2019 පාසල් පෙළපොත් මිලියන 40න් 87%ක් බෙදලා - ඉතිරිය ඉක්මනින්ම බෙදනවා - අධ්‍යාපන ඇමති



ලබන වර්ෂය සඳහා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන්වලට අවශ්‍ය පෙළපොත් තුන්කෝටි අනූහතර ලක්ෂයක් (මිලියන 39.4) මුද්‍රණය කිරීමට නියමිත අතර, මේ වනව විට එම පෙළපොත් ප්‍රමාණයෙන් 87%ක ප්‍රමාණයක් පාසල් දරුවන්ට ලබාදීම සඳහා බෙදාහැර ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා නිවේදනය කරයි. 
ඉතිරි 13%ක ප්‍රමාණය මේ වසර අවසාන වීමට පෙර පාසල් දරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යාංශය කියයි.
හිටපු අමාත්‍යතුමාගේ පණිවුඩයක් හා ඡායාරූපයක් පෙළපොත්වලට ඇතුළත් කර ඇති අතර ඒ හේතුව නිසා මුද්‍රණය කළ පෙළපොත් බෙදාහැරීම නතර කිරීමක් හෝ අත්හිටුවීමක් නොකළ අතර එම පොත් ඒ ආකාරයෙන්ම බෙදා දීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
www.reporter.lk

No comments:

Powered by Blogger.