අඹන් ගඟ පහළ ජනතාවට සැලකිලිමත් වන්නැයි වාරි ඉංජිනේරුවෝ පවසනවා.



මේ දිනවල පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම උපරිමය දක්වා පැමිණීම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමේ දී අඹන් ගඟ පහළ ජනතාවට සැලකිලිමත් වන්නැයි වාරි ඉංජිනේරුවෝ පවසනවා.

විශේෂයෙන් ගංඟා අසල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකල යුතු බව මොරගහකන්ද වාරි ඉංජිනේරු කාර්යාලය නිවේදනය කර සිටිනවා.

මේ වන විට මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම වන ඝන මීටර් 185ට ආසන්නව පවතින අතර මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද කියා සිටියේ මේ වන විටත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාවට සූදානම්න් පසුවන ලෙස දන්වා ඇති බවයි.                             

No comments:

Powered by Blogger.