FCIDයට එරෙහිව මහින්ද නඩු මගට

FCIDයට එරෙහිව මහින්ද නඩු මගට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගත කිරීම පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට විරුද්ධව වන්දි ඉල්ලා අනිවාර්යයෙන්ම නඩුවක් ගොනු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේ සතොසේ සිදූ වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකින් නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමුවීමට කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී ය.

එසේම බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාට කළ හිරිහැර පිළිබඳව මේ වනවිටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව හිටපු ජනපතිවරයා පැවසී ය.

No comments:

Powered by Blogger.