හිටපු DIG නාලකගේ සේවය අත්හිටුවන්න පොලිස් කොමිසමේ අනුමැතිය

හිටපු DIG නාලකගේ සේවය අත්හිටුවන්න පොලිස් කොමිසමේ අනුමැතිය

නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශ අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජාතික පොලිස් කොමිසම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දන්වා යවා ඇතැයි වාර්තා වේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.

අමාත්‍යවරයාගේ එම නිර්දේශය සහිත ලිපිය අමත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව අද පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යොමු කර තිබිණි. ඒ අනුව පොලිස් කොමිසම එය අනුමත කර ඇත.

නාලක ද සිල්වා මහතාට ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වූ මොහොතේම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍යවරයා මීට පෙරද ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබුණි.

No comments:

Powered by Blogger.