"මම හිතාගෙන හිටියට වඩා යූ.එන්.පී හරි වෙනස්" - ජනපති යූ.එන්.පී යේ හොඳ කියයි

පොදු අපේක්ෂකයා ලෙස තමන් සන්ධානගතව වන විට හිතාගෙන සිටි එක්සත් ජාතික පක්ෂය සෑබෑවටම වෙනස් බවට  තේරුණේ ටික කාලයකට පසුව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඊයේ කොළඹදි පැවැති සේනානායකවරුන්ගේ ගුණ සැමරුමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඩී.එස් සේනානායක දර්ශනයේත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක දර්ශණයේත් මිශ්‍රණයක් තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. පොලොන්නරුවේ දීර්ඝ  කාලයක් දන්සැල් අතර තරයක් තියෙනවා. එක ඩී.එස්. සේනනායක දන්සල එක්සත් ජාතික පාක්ෂිකයින් දෙන.  අනිත් දන්සැල බණ්ඩාරනායක දන්සල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දෙන.  මේ දන්සල් හැමදාම තරගයක්. කවුද හොඳට කරන්නේ කවුද වැඩි පිරිසකට කන්න දෙන්නේ කියලා. දැනට අවුරුදු කිහිපයකට කලින් සේනානායක දන්සල වැහුණා. බන්ඩාරනායක  දන්සල කරන මගේ මිත්‍රයින්ට කිව්වා. අපි කළගුණ සලකන්න දැනගන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ මිත්‍රයින්ට කර ගන්න බැරුව සේනානායක දන්සල වැහුණා. බණ්ඩාරනායක දන්සල අද ඉදලා බණ්ඩාරනායක සේනානායක දන්සැල කියලා නම දැම්මා."

"2007 සිට ඒ දන්සැල තවම තිබෙනවා. පසුගිය පොසොන් පොහොයටත් දානය දුන්නා. ලබන පොසොන් පොහොයටත් දෙනවා.මම මේ කතාව කිව්වේ පොදු අපේකෂකයා විදියට 2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය සමග ජනපතිවරණයට සන්ධාන ගත වෙනකොට කතානායකතුමනි මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා. නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ. ඩි.එස්. සේනානායක මැතිතුමා සැබෑ දේශප්‍රේමියෙක්. දේශීය කර්මාන්ත, දේශීය කෘෂිකර්ම ප්‍රතිපත්තිය, යුක්තිය, සමාජ සාධාරණත්වය ඩී.එස්. ඩඩ්ලි, එෆ් ආර්. වැනි චරිත වල මහා කැපී පෙනෙන ලක්ෂණ. දූෂණ වංචාව හොරකම ඒ චරිත වල තිබුණේ නෑ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය මහ ප්‍රභල යෝධ දේශපාලන පක්ෂයක් බවට ගොඩනැගුණේ. මගේ පක්ෂයට ගරු කරනවා වගේම මම ප්‍රාර්ථනා කරනවා ඩී.එස්. ඩඩ්ලි එක්සත් ජාතික පක්ෂය නැවත අනාගතයේ බිහිවේවා කියලා.‘‘ 

No comments:

Powered by Blogger.