එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලාංඡන සහිත අත්පත්‍රිකා යාපනය පුරා අලවයි
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් නායකත්වය දරණ දෙමළ ජාතික සභාවේ රැස්වීමක් මේ මස 24 වෙනිදා පැවැත්වෙන බව දැනුම් දෙමින් බෙදා ඇති අත් පත්‍රිකාවක එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ලාංඡන හා අදහස් ඇතුළත් කොට තිබීම සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
පසුගිය 21 දා සවස සිට යාපනයේ බොහෝ ස්ථාන වල මේ අත් පත්‍රිකාව බෙදා හැර තිබූ අතර එම පත්‍රිකාවල සඳහන්ව ඇත්තේ දෙමළ ජනයාගේ මහා නැගිටීම, මහවිරුවන් සමරන නොවැම්බර් මාසයේදී සිදුවන අතරතුර දෙමළ ජනතා පෙරමුණ නායකයින්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වෙන ලෙසයි.
දෙමළ ජනතා පෙරමුණ හෝ වෙනත් කඩකප්පල්කාරි පිරිසක් අදාළ අත්පත්‍රිකාව බෙදා හැර ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ මෙහෙයවන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
(දිනසේන රතුගමගේ)
No comments: