විශ්වවිද්‍යාල නීතිරීති පසෙකලා යාපනය විශ්ව විද්‍යාලයේ කොටි ස්මාරකයක් ඉදි කෙරේ (PHOTOS)
එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් 2001 වර්ෂයේදී ආරම්භ කරණ ලද '' පොංගු තමිල්'' උත්සවයේ 17 වෙනි වර්ෂය සැමරීම සදහා යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකරණ ලද පොංගු තමිල් ස්මාරකය ඊයේ (17) උදෑසන විවෘත කරණු ලැබීය.
මෙම ස්මාරකය ඉදි කිරීම සම්බන්ධයෙන් බොහෝ නීති හා තහංචි ඉදිරිපත් වුවත් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින් ඒ සියලුම විරෝධයන් පසෙක ලා මෙම පොංගු තමිල් ස්මාරකය ඉදි කොට එය විවෘත කරණු ලැබීය.
2001 වර්ෂයේ ප්‍රකාශයට පත් කරණ ලද ''පොංගු තමිල්'' ප්රකාශනයට අනුව ''දෙමළ ජාතීන්ගේ අභිලාශයන් වන ස්වයං නිර්ණය සාම්ප්‍රදායික මවුබිම දෙමළ ජාතිකත්වය යන අයිතීන් රජය විසින් පිළිගත යුතුව ඇතැයි'' යාපනය විශ්ව විද්‍යාල භූමියේ දී විවෘත කරණ ලද පොංගු තමිල් ස්මාරකයේ සදහන් කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
No comments: