අබලන් කම්බි පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ගම්වාසින් සිදු කරයි - බලධාරින් නිහඩයි (PHOTOS)

අබලන් කම්බි පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ගම්වාසින් සිදු කරයි - බලධාරින් නිහඩයි (PHOTOS)

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යටතේ පාලනය වන ගිනිගත්හේන හිටිගේගම , ගලගොඩහින්න ගම්මානයට කෙසෙල්ගමුඔය හරහා පිවිසෙන අබලන් වි කඩා වැටමේ අවධානමට ලක් වි ඇති  කම්බි පාලමේ ප්‍රතිසංස්කරණ  කටයුතු එම කම්බි පාලම හරහා ගමන් කරන ගම්මාන රැසක පදිංචිකරුවන් එක් වි ඊයේ (17) ආරම්භ කරනු ලැබීය.

මස්කෙලියේ සිට  කැළණි ගග දක්වා ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය හරස් කරමින් 1955 වසරේදි ඉදි කරන ලද අඩි 275  කින් දිගකින් සහ අඩි 22 උසකින් යුක්ත මෙම කම්බි පාලමේ අත්තිවාරම යකඩ ,පාලමේ ආරක්ෂිත කම්බි සහ පාලමේ ලෑලි තට්ටු දිරා දැඩි ලෙස අබලන් වී කඩා වැටිමේ අවධානමක් පැවතිම   හේතුවෙන් එම පාලම හරහා ගමන් ගන්නා ගම්මාන රැසක පදිංචිකරුවන් දැඩි අසිරුතාවයකට පත් වි සිටිති.

වසර 15 පමණ මෙම කම්බි පාලමේ කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොකිරිම නිසා කම්බි පාලම වර්තමානයේ පවත්නා තත්ත්වය මත පාලම හරහා ගමන් කිරිමේදි ගම්වාසින් කිහිප දෙනෙකු සහ පාසල් සිසුන් කිහිප දෙනෙකු පාලම මතින් කෙසෙල්ගමුඔයට වැටි තුවාල ලබා ඇති  බව  ගම්වාසින් කියා සිටිති.

මෙම කම්බි පාලමේ පවතින අබලන් තත්ත්වය පිලිබද ජනමාධ්‍ය මගින් පසුගිය දා  ප්‍රචාරය විමත් සමගම ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙකු ගම්වාසින් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් එම කම්බි පාලම ප්‍රතිසංස්කරණ කටයුතු  කඩිනමින්  සිදු කර දෙන ලෙසට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාට උපදෙස් ලබාදෙන බවට එම නිලධාරියා  ගම්වාසින්ට පොරොන්දු වි ඇති බවත් ගම්වාසින් කියා සිටියේය.

මෙම කම්බි පාලම ගම්වාසින් එක්ව  ප්‍රතිසංස්කරණය කර ගැනිම සදහා ලෑලි කපා ගැනිමට පාලම අසලම පිහිටි  රකෂිතයක් තුල වු ගසක් කපා ගැනිමට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් අවස්තා කිහිපයකදි ලිඛිතව සහ මුණ ගැසී අවසර ඉල්ලා සිටියත් , ඒ සදහා ප්‍රාදේශිය ලේකම්වරයා විසින් මේ වන තෙක් කිසිදු අවසරයක් නොදුන් බව ගම්වාසින් චෝදනා කර සිටිති.

ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් අවසරය නොලැබුණු නිසා ගම්වාසින්ගේ  පෞද්ගලික ඉඩම්වල තිබෙන ගස් ඉරා පාලමට අවශ්‍ය ලෑලි සපයා ගත් බවත් ගම්වාසින්ගේ මුල්‍යය ශ්‍රම දායකත්වයෙන් කම්බි පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කල බවත් පාලම හරහා ගමන් කරන ගම්වාසින්  වැඩි දුරටත් කියා සිටියේය.

හිටිගේගම, මොරතොටියාවත්ත, කෙසෙල්ආරාව, මගුරුමාදෙණිය ඇතුළු ගම්මාන වලට පිවිසමට ඇති කෙටිම සහ එකම මාර්ගය මෙම කම්බි පාලම හරහා පිහිටා ඇති බවත්, එම කම්බි පාලම වෙනුවට ස්ථිර කොන්ක්‍රිට් පාලමක් කඩිනමින් ඉදිකර දෙන  ලෙස ගම්වාසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

(හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Powered by Blogger.