ඔයාගෙ ළමයට හරියන එකක් නෑ කියන -පෙර පාසල් ප්‍රධානියා

ලංකාවේ මේ වනවිට බිහිව තිබෙන විවිධ තරාතිරමේ අධ්‍යාපන ආයතන කවර නීතිරීති යටතේ කටයුතු කරන්නේද යන්න ගැන වරින්වර ගැටලු මතුවේ.කටුවාවල බොරලැස්ගමුව පිහිටි
ඇමරිකන් කින්ස්බ්‍රිජ් පෙර පාසලේ ඇතිවූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එම පාසලේ ඉගෙනුම ලැබූ දරුවෙකුගේ පියෙකු මුහුණු පොතේ පළ කර තිබෙන සටහනක් මගින් මෙම කාරණාව ගැන නැවත කථාබහක් ඇතිව තිබේ.
පෙර පාසලේ ප්‍රධානියා ලෙස සැලකිය හැකි කාන්තාව ගැටලුව ගැන දක්වන කෝපාන්විත

ප්‍රතිචාරයද වීඩියෝවට නගා මෙම පියා මුහුණුපොතේ පළ කර ඇත.
බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ ඒ සමග වන සටහන පහත පරිදිය.

‘මෙම පෙර පාසලට මගේ දරුවා 2016/2017 ගියා. එම පාසලේ පොත් ලිස්ට් එකට රු 14000ක් 2016 දුනිමි.එම වාරය අවසානයේ පොත් පරික්ෂා කිරීමේදී එම පොත් වල පිටු 5 ක්/10ක් තමා ක්‍රියා කාරකම් කර තිබුනේ .එම පාසලෙන් නැවතත් රුපියල් 14000 පොත් ලිස්ට් 1ක් ගන්න කියා කීව නිසා අපි එය ප්‍රතික්ෂේප කරා. ඉන් පසු ළමයව පාසලෙන් අයින් කරනවා කීවා.අපි ගෙවපු මුදලට ඔක්තෝබර් වෙනකම් එවන්න කීවා.අපි එපමණ කල් යැව්වේ නෑ. නැවත ලබාදීමේ අත්තිකාරම් මුදල ඉල්ලු විට එය ජනවාරි ලබා දෙනවා කීවා.එය ලබා ගන්න ගියාම කතා කරන ආකාරය මෙම video පටයේ ඇත. මෙම ගැහැනිය මගේ බිරිඳගේ පියාටද අපහාස වන අන්දමින් කතා කරයි.‘
(උපුටා ගැනීම Buddika Peiris මහතාගේ මුහුණු පොතෙනි)

No comments:

Powered by Blogger.