තෙල් බැරල් ගෑස් සිලින්ඩර උස්සන් දකුණේ විපක්ෂ මන්ත්‍රීවරු පළාත් සභාවේ


ගෑස් මිල ඉහළ යැම, ඉන්ධන මිල ඉහළ යෑම හා රුපියල බාල්දු වීම යන කාරණාවලට විරුද්ධත්වය පළ
කරමින් 25 දින දකුණු පළාත් සභාව

ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. දකුණු පළාත් සභාව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂ (එජනිස) මන්ත්‍රිවරුන් මෙම විරෝධතාව පැවැත්විය. 25 දින දකුණු පළාත් සභා රැස්වීම ආරම්භ වීමට  ප්‍රථමයෙන් මෙම විරෝධතාව පැවැත්විණි.

බද්දේගම සමිත හිමි, ආරියවංශ ෂම්මු, ඒ.පී.සී. පියසිරි, චන්න සාලිය යන  මන්ත්‍රිවරුන් මෙම විරෝධතාවට එක්විය. ඉන්ධන බැරලයක්, ගෑස්  ටැංකියක් සමඟින් මන්ත්‍රීවරුන්  විරෝධතාවට එක් විය. චන්න සාලිය මන්ත්‍රිවරයා රුපියලේ ආකෘතියක් තනා එය බාල්දියක් ඇතුළට දමා රුපියල බාල්දු වීම සම්බන්ධයෙන් විරෝධතා පාඨ කියමින් පළාත් සභා රැස්වීම් ශාලාවට පැමිණියහ.

-ටී.විතානවසම්-

No comments:

Powered by Blogger.