"නාලක සිල්වා හා මා අතර ඇතිවුණ දුරකතන සංවාදය වගේම බොහෝ සාක්ෂි තියෙනවා" - නාමල්

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් තමන්ට බොහෝ සාක්ෂි ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නීතියෙන් බේරී යෑමට බොහෝ දේ දන්නා බවත් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව එයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මේ කඩහඬ පරීක්ෂාව විශේෂම අවස්ථාවක් වෙයි. මේ සීඩී පටයක් අරගෙන යන්නේ. මේකේ තියෙන්නේ නාලක සිල්වා මහතා හා මම අතර ඇතිවුණ දුරකතන සංවාද. ඒ වගේම බොහෝ සාක්ෂි තියෙනවා. අපි බලමු ඒවා ඉදිරියේදී. නූතන දඟකාරිය නීතියේ දෙවඟන. නීතියේ දෙවඟනගෙන් පැන යන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඕනෑ තරම් දේ දන්නවා. ඉදිරියේදී හමුවෙන්නේ මහා සැඬපරහක් නම් ඒ සැඬපහරින් නොතෙමී යන්න අවශ්‍ය ඉනිමන් තනන්නත් නාලක සිල්වා මහතා දන්නවා.”

No comments:

Powered by Blogger.