වැරදි ඖෂධ දුන් පෞද්ගලික රෝහලට හෘද රෝගී කත නඩු දමයි


හෘද රෝගී කාන්තාවකට හෘද රෝගී විශේෂඥ වෛද්‍යවරයකු නිර්දේශ කළ ඖෂධවලට පටහැනිව වෙනත් ඖෂධයක් ලබාදීමෙන්  එම කාන්තාව විවිධ සංකූලතාවකට පත්වූයේ  යැයි කියන සිද්ධියක් වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් විභාග වන නඩුවකට සාක්ෂි දීම සඳහා එම ඔෂධ නිර්දේශ කළ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාට එමලබන 27 දින  අධිකරණයේ පෙනී සිටින ලෙස මීගමුව අතිරේක  මහෙස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කර ඇත.
අධිකරණයට වාර්තා වී ඇති අන්දමට සිද්ධිය මෙසේය.

රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන හෘද රෝග කාත්තාවකට හෘද රෝග විශේෂඥ  වෛද්‍යවරයා විසින් ඖෂධයක් නිර්දේශ කර ඇත. එම නිර්දේශිත සටහන පෙන්වා එම රෝහලේ බෙහෙත් ශාලාවෙන් එම ඖෂධය මිලදී ගැනීමේදී වෙනත් ඖෂධයක් ලබාදී තිබේ. රෝගී කාත්තාව එම ඖෂධය ගත් පසු ඇයට දින දෙකක් පමණ හොඳ හැටි නිද ගොස් ඇතැයි පැවැසේ.  රෝගී කත මෙම සිද්ධිය ජාතික ඖෂධ  නියාමන අධිකාරියට පැමිණිලි කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් එම රෝහලේ  බෙහෙත් ශාලාවේ ප්‍රධානියාට සහ ඔහෂධ මුදලට අලෙවි කළ සේවකයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති අතර දැනට ඖෂධ ශාලා ප්‍රධානියා සහ සේවකයා ඇප මත මුදා හැර සිටිති.  නිර්දේශිත ඖෂධය සහ ඒ වෙනුවට ලබාදී  ඇති ඖෂධය යන දෙකම උච්වාරණයේදී සමානකමක් දැක්වෙන බැවින් මෙවැනි වරදක් වී ඇතැයි කියැවේ.
-නිමන්ති ප්‍රනාන්දු-

No comments:

Powered by Blogger.