පොලිස්පතිව තනතුරෙන් ඉවත් කරන්න එජාපයත් ඉදිරියට (Video)

පොලිස්පතිව තනතුරෙන් ඉවත් කරන්න එජාපයත් ඉදිරියට (Video)

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වන චෝදනා නිසා, ඔහු ධුරයෙන් තාවකාලිකව ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

මම හිතනවා පොලිස්පතිතුමාගේ හැසිරීම පිලිබඳ මම එදත් අදත් මං අනුමත කරන්නෙ නෑ. සාමාන්‍යයෙන් අපේ ආණ්ඩුව තුළ යම්කිසි පුර්වා දුන්නා යම් චෝදනාවක් එනකොට ඒ චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයා ඇමතිවරයා යම්කිසි පුංචි කාලයක් තුළ ඔහුගේ ඉල්ලා අස්වීම හෝ තාවකාලික අත්හිටුවීම. මම යෝජනා කරනවා තවත් මේ යහපාලනය සමාජගත වෙන්න පොලිස්පති තුමාට යම්කිසි පුංචි කාලයක් තුළ ඉල්ලා අස්වීම සහ අත්හිටුවීම එතුමාගේ මේ පරීක්ෂණ තුළ නිර්දෝෂීභාවය ඔප්පු කරලා කටයුතු කරන්න කියලා.”

එම වීඩියෝව පහතින්,

No comments:

Powered by Blogger.