පැහැරගෙන ගොස්‌ පහරදී මරාදැමූ පාසැල් සිසුවකු ගැන පරීක්ෂණ


කිසියම් පිරිසක්‌ විසින් පහරදීම නිසා කිළිනොච්චිය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු පෙරේදා (07 දා) මියගොස්‌ තිබේ.

පහර කෑ ශිෂ්‍යයා

කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ තිබේ.
මෙසේ මියගොස්‌ ඇත්තේ මොහන්දාස්‌ අබිනන්දන් නමැති විදුහලේ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකි.
කිළිනොච්චිය උදයනගර් ක්‍රීඩාංගණයේ ඉකුත් 07 වැනිදා පාපන්දු තරගයක්‌ පැවති අතර එම තරගය නැරඹීම සඳහා ගොස්‌ සිටි මේ ශිෂ්‍යයා කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ පහරදීම නිසා මරණයට පත් වී ඇති බව පොලිසිය කියයි.
කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Powered by Blogger.