මගේ ඥාතීන් නිදන් කඩලා නෑ.. හොර සල්ලි ගහලා නෑ.. හැකි නම් රූපවාහිනී සංවාදයකට එන්න..- විමල් පාර්ලිමේන්තුවේදී සජිත්ගේ රෙදි ලිහයි..

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී ජනතාවට ලබා දුන් නිවාසවල තමන්ගේ ඥාතීන් කිසිවකු හෝ වෙසෙන බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් බොරු චෝදනා නැගීම පසෙක තබා හැකිනම් මේ සියල්ල පිළිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා වත්මන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුගේ ප්‍රශ්නයකට වාචික පිළිතුරු ලබා දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හිටපු නිවාස අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාට ඉහත චෝදනා කළ අවස්ථාවේදී ඔහු රීති ප්‍රශ්නයක් නගමින් මෙසේ අභියෝග කර සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඥාතීන් වෙසෙන ව්‍යාජ නිවාස ලයිස්තුවක් පවා මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සඳහන් කළ අතර එම කරුණු දැක්වීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට උපදෙස් දෙන අයුරු ද දැකගත හැකි විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Powered by Blogger.