16 කණ්ඩායමෙන් කොටසක් යලි ජනපති මැදුරට.. එජාපය අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන කතා අවසන්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී ඊයේ පස්වරුවේ පැවැත්විණි. ‍

එම මධ්‍යම කාරක සභාව සඳහා පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16දෙනාගෙන් සිවු දෙනෙකු ද සහභාගි වී සිටියහ. එසේ සහභාගි වී සිටියේ එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන්ය.

ශ්‍රීලනපිය හා එජාපය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව තුල තවදුරටත් රැඳී සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනා බවට 16 කණ්ඩායම් විසින් අවස්ථා කිහිපයකදීම පැවසුවද මෙම මධ්‍යම කාරක සභාවේ දී ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැත.

එමෙන්ම දින 45ක කාලයක් සදහා පත්කරන ලද ශ්‍රීලනිප තාවකාලික මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කරනු ඇත්තේ ඊයේ මධ්‍යම කාරක සභාවේ දී නව මහ ලේකම් වරයෙක් සම්බන්ධයෙන් තීරණයක් නොගත් හේතුවෙනි. ඊයේ දිනයේ සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ගැනය.

No comments:

Powered by Blogger.