දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි

පොලොන්නරුව උපදේශයේ ප්‍රදේශ කිහිපයකට අහසේ සිට ඇදවැටුණු අගන්තුක ද‍්‍රව්‍යයක් හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි භීතියකින් පසු වෙයි.

ඔවුන් පවසන්නේ මෙම ආගන්තුක ද්‍රව්‍යය විදුලි රැහැන් වල සහ ශාක වලද රැඳී ඇති බවයි.

ඊයේ දවස පුරාම වරින් වර මෙම ද්‍රව්‍ය අහසින් වැටුනු බව ද ඔවුහු කියති.

අතින් ඇල්ලීමේදී නුසුදුසු වූ ස්වභාවයක් ගන්නා මෙම ද‍්‍රව්‍ය මකුණු දැල් වලට සමාන බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරති.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් තැතිගැන්මකට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍යවාසී පූජ්‍ය චුල්ලපන්තකාලංකාර හිමියන් සඳහන් කරති.

මේ වන විට එම ප්‍රදේශය තුළ උල්කාපාත, පාවෙන පීරිසි, පිටසක්වල ජීවින් ගැන විවිධ මතවාදයන් පැතිරී යමින් ඇති බවද උන් වහන්සේ කියති.

මේ කුමන ද‍්‍රව්‍යයක් දැයි පරික්ෂා කර ජනතාවගේ සැකයද දුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එහිමියන් රජයෙන් ඉල්ලා සිටිති. 


No comments:

Powered by Blogger.