සෙල්ලම් කරමින් සිටි දරුවා මිත්තණියගේ අධි රුධිර පීඩන පෙති ගිල දමලා - අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

සෙල්ලම් කරමින් සිටි දරුවා මිත්තණියගේ අධි රුධිර පීඩන පෙති ගිල දමලා - අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

සිය මිත්තණියට ලබා දී තිබූ බෙහෙත් පෙති කිහිපයක් ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් කුඩා දරුවෙකු රෝහල් ගත කර තිබේ.

වයස අවුරුදු එක හමාරක දරුවෙකු මෙලෙස අද (26) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා එම දරුවා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අධික රුධිර පීඩනය සඳහා දරුවාගේ මිත්තණියට රෝහලෙන් ලබා දී තිබූ බෙහෙත් පෙති ඇසුරුමක් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති මෙම දරුවා එම ඇසුරුමේ තිබූ පෙති කීපයක් ගිල දැමීමෙන් මෙලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබේ.

දරුවාගේ මුඛය තුල ඖෂධ පෙති කීපයක් තිබෙනු දුටු දරුවාගේ මව ඒ පිළිබඳව සොයා බැලීමේදී දරුවා බෙහෙත් පෙති ගිල ඇති බව සොයා ගෙන ඇත.

අනතුරුව දරුවා වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

No comments:

Powered by Blogger.