සජිත් ජනාධිපති අපේක්ෂකයා වුනොත් ජනපති මෛත්‍රීගේ සහය හිමි වන ලකුණු

සජිත් ජනාධිපති අපේක්ෂකයා වුනොත් ජනපති මෛත්‍රීගේ සහය හිමි වන ලකුණු

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් ඔහුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ඔහු සමඟ සිටින ශ්‍රීලනිප කණ්ඩායමේ සහයෝගය ලබා දෙන බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසිය.

එම සහයෝගය පක්ෂයක් ලෙස හෝ වෙනයම් ආකාරයකින් ලබා දෙනවා දැයි තවමත් තීරණය කර නොමැති මුත් වත්මන් ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීම පිළිබඳව දැඩි කැමැත්තකින් පසුවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒත් මේ වන විට ශ්‍රීලනිපයේ ඇතැමෙක් එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සාකච්ජා කරමින් සිටිනබවද වාර්තා වේ. මහින්ද සමරසිංහ සහ මොහාල් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරුන් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමට නියමිත බව මේ වන විටත් හෙළිදරව් වී තිබේ.

පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට තීරණය කර තිබෙන බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන ලබන සන්ධානයක් තුලින් වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් වීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බවද ප්‍රකාශ වේ.

No comments:

Powered by Blogger.