බුදු මැදුරක් සෑදීමේ අරමුණෙන් ඉදි කළ බෝ ගස විනාශ කර දමලා

බුදු මැදුරක් සෑදීමේ අරමුණෙන් ඉදි කළ බෝ ගස විනාශ කර දමලා

වවුනියාව තේක්කවත්ත ළමා ක්‍රීඩාංගණය තුළ බුදුමැදුරක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණ ඇතිව ගම්වාසීන් විසින් රෝපණය කරණ ලද බෝධියේ බෝ ගස විනාශ කිරීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කොට ඇති බවට 3 දා වවුනියාව පොලීසියට පැමිණිලි කොට තිබේ.

රාත්‍රී කාලයේ පැමිණි පිරිසක් බෝගසේ වටේටම පොතු ගලවා ඉවත් කොට බෝධිය මැරෙන්නට සලස්වා ඇති බව එම පැමිණිල්ලේ සදහන් වෙයි.

වවුනියාව පොලීසිය පැවසුවේ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින්  කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් මේ ක්‍රියාව සිදු කරන්නට ඇති බවයි.

වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.