සිංහල බෞද්ධ ජනාධිපතිවරයකු පත්කරගන්න දමිළයන් මෙවර ඡන්දය දෙන්නේ නෑ - ශිවාජිලිංගම්
සිංහල බෞද්ධ ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා දමිළ ජනතාවගේ ඡන්ද මෙවර පාවිච්චි නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් ඉකුත්දා පැවැසීය. දකුණේ මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසූ ශිවාජිලිංගම් මහතා කියා සිටියේ තමන් දමිළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක සිටියද එම පක්ෂය පිළිබඳව තමන් සිටින්නේ දැඩි කලකිරීමකින් බවයි.
2015දී මෛත්‍රි රනිල් ආණ්ඩුව විශ්වාස කිරීමෙන් දමිළ ජනතාව රැවටීමට ලක්වූ බවත් දමිළ ජාතික සන්ධානය ද සිදුකළේ ජනතාව රැවටීම පමණක් බවත් මේ නිසා දමිළ ජනතාව මෙම ස්ථානයට පැමිණ සිටින බවත් සිවාජිලිංගම් මහතා මෙහිදී කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
දමිළ ජනතාව දැන් මේ ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි දකුණේ සියලු සිංහල නායකයන් ගැන කිසිම විශ්වාසයක් නැතිවයි සිටින්නේ.
ඒ ජනතාව ඊළඟ ජනාධිපතිවරණයේදී දකුණේ කිසිම අපේක්ෂකයකුට සහාය නොදෙන ස්ථාවරයෙන් පසුවෙනවා. මොකද දමිළ ජනතාවගේ ජාතික ප්‍රශ්න ඇතුළු මූලික ප්‍රශ්නවලට විසඳුම් ගේනවා කියලා පොරොන්දු වෙලා. ඒ ජනතාවගේ සහායෙන් බලයට පත්වුණු මෛත්‍රි රනිල් ආණ්ඩුවත් කලින් ආණ්ඩු මෙන් දමිළ ජනතාව රැවටූ බවට ඒ ජනතාව තේරුම් අරන් තියෙනවා.
ඒ එක්කම දමිළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කොන්දේසි සහිතව හා කොන්දේසි රහිතව සෑම අවස්ථාවලම සහාය දුන්නා. ඒත් දමිළ දේශපාලන සිරකරුවන් තවමත් සිරගෙවල්වල.
ජනතාවගේ ඉඩම් තවමත් ආරක්ෂක හමුදා භාරයේ. වගවීමේ යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක කරලා නැහැ. දේශපාලන විසඳුම් ගෙන ඒම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේ උත්සාහය ද අතරමඟ නැවතිලා.
අපේ ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙන ඒම, යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම, අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම, දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආරක්ෂක හමුදාව භාරයේ ඇති දමිළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කාරණාවන් ශ්‍රී ලංකාවේ බලයේ සිටින හෝ බලයට එන කිසිදු ආණ්ඩුවකින් ඉටුනොවන නිසා ඒ වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් බලකිරීම් සිදුකිරීමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් අප රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් සටන් කරනවා.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

No comments: