"කෙනත් කුණාටුව" මොසැම්බික් වනසන ලකුණු



මොසැම්බික් හි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නැවතත් කෙනත් කුණාටුවක් ඇතිව්මේ අවධානමක් ඇති බව පෙන්වා සිටිනවා.

මේ වනවිටත් ඇතිව තිබෙන පීඩන වෙනසක් හේතුවෙන් 220km/h (140mph) වේගයෙන් හමා යන තද සුළං තත්ත්වය නිසා පුද්ගලයින් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවයි එරට අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

30,000කට අධික පිරිසක් අනතුරුට ලක්ව ඇති ප්‍රදේශවලින් මේ වනවිටත් ඉවත්කර ඇති බවයි ඔවුන් තවදුරටත් පවසන්නේ.

පසුගිය මාසයේ මොසැම්බික් වලට බලපෑ කෙනත් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් 900කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

No comments:

Powered by Blogger.