කල්මුණේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී ළමුන් 6කගේ ඇතුළු මළ සිරුරු 15ක් සොයා ගනී - මරාගෙන මැරෙන බෝමබකරුවන්ගේ බවට සැකයක්

අම්පාර සමන්තුරෙයි සහ සයින්දමර්දු ප්‍රදේශවල පිහිටි තව්හිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයට අයත් ප්‍රධාන පෙළේ අවි ගබඩා දෙකක්‌ වැටලීමට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් අතර ඊයේ (26 වැනිදා) රාත්‍රි දරුණු ගැටුමක්‌ ඇතිවිය. 

තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගත් අතර තවත් ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ආරක්‍ෂක අංශ වෙත පැයකට ආසන්න කාලයක්‌ වෙඩි ප්‍රහාර එල්ල කරමින් සටන් කළහ. 


සයින්දමර්දු ප්‍රදේශය STF. සහ යුද හමුදාව විසින් වට කරගෙන එම ත්‍රස්‌ත කල්ලියට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඊයේ රාත්‍රි වනතුරුම එම සටන සිදුවිය. 

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ලබාදුන් තොරතුරකට අනුව යුද හමුදාව සහ STF ඊයේ සවස අම්පාර සමන්තුරේ සෙන්දිල්ගාමම් ප්‍රදේශයේ නිවසක්‌ වැටලූහ. 

එම නිවසේ කොටසක තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ ප්‍රධාන පෙළේ අවි ගබඩාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. එම අවි ගබඩාවේ තිබී දැවැන්ත ප්‍රහාර ගණනාවක්‌ සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ජෙලග්නයිට්‌, නයිට්‍රජන් ගැලුම් විශාල ප්‍රමාණයක්‌, ලක්‌ෂයකට ආසන්න යකඩ බෝල තොගයක්‌, ෙඩ්‍රාaන කැමරා, ඩෙටනේටර්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටල ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක්‌ සොයාගැනීමට හැකිවිය. 

තව්හිද් ජමාත් කල්ලිය පාස්‌කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිට ප්‍රතිඥවක්‌ දුන් වීඩියෝ පටයක්‌ සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රචාරය කෙරිණි. 

ත්‍රස්‌තවාදීන් එම ප්‍රතිඥව දෙන අවස්‌ථාවේ ඇඳ සිටි ඇඳුම්, හිස්‌වැසුම් සහ ඔවුන් ප්‍රතිඥව දෙන ස්‌ථානයේ තිබූ බැනරයද මෙම අවි ගබඩාවේ තිබී STF භටයන් විසින් සොයාගන්නා ලදී. 

එම අවි ගබඩාව පවත්වාගෙන ගිය ස්‌ථානයේ තිබී තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවසේ කොටසක්‌ කුලී පදනම මත ලබාගෙන සිටි ත්‍රස්‌ත කල්ලියේ සාමාජික පිරිසක්‌ අවි ගබඩාව පවත්වාගෙන ගොස්‌ ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. 

පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම නිවසේ කොටස කුලියට ලබාගෙන සිටි පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වලින් හෙළිවිය. අවි ගබඩාව වැටලීමෙන් පසු STF සහ යුද හමුදාව අම්පාර, සයින්දමර්දු ප්‍රදේශය වෙත ගොස්‌ ඇත්තේ තවත් අවි ගබඩාවක්‌ වැටලීම සඳහාය. ආරක්‌ෂක අංශ වෙත තව්හිද්a ජමාත් කල්ලියේ සාමාජිකයින් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.

පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

පිපිරීම සිදුවු බවට සැක කරන නිවස තුළ තිබී කාන්තා මළ සිරුරු 3ක්, පිරිමි මළ සිරුරු 3ක් හා කුඩා දරුවන්ගේ මළ සිරුරු 6ක් හමු වී තිබේ.

නිවසින් පිටත ප්‍රදේශයේ තිබී තවත් පිරිමි මළ සිරුරු 3ක් ‍සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. නිවසින් පිටත සිටි තුවාල ලැබු තවත් කුඩා දරුවෙක් හා කාන්තාවක් රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

මෙම මළ සිරුරු මරාගෙන මැරෙන බෝමබකරුවන්ගේ බවට සැකකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටී.
kalmune-fight





No comments:

Powered by Blogger.