වත්තල ඇගළුම් ආයතනයක ගින්නක්.



වත්තල ප්‍රාදේශීය ප්‍රසිද්ධ ඇගළුම් වෙළඳ ආයතනයක ඇති වු හදිසි ගින්නකින් එම ඇගළුම් වෙළඳ ආයතනය තුළ තිබූ කොටි ගණනක් වටිනා භාණ්ඩ තොග විනාශ වී තිබේ.

ඉකුත් 24දා රාත්‍රී9.00ට පමණ වත්තල පොලීසිය ආසන්නයේ වු ආයතනයක මෙම ගින්න හටගෙන ඇත.ගින්න හට ගැනීමත් සමඟ කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට ද බාධා ඇතිවිය. උත්සව සමය සදහා අලවි කිරීමට  රැගෙන විත් වෙළඳ ආයතනය   තුළ ගබඩා කර තිබූ ඇගළුම් හා භාණ්ඩ තොග ද ගින්න හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇත.

ඇගළුම් වෙළඳ ආයතනය වසා දැමීමට සූදානම් ව සිටි අවස්ථාවේදී ආයතනයේ ඉහල මහලයේ වු විදුලි ජනක යන්ත්‍රයේ ඇති වු දෝෂයක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු වී නැති අතර කොළඹ ගිනි නිවන ඒකකයේ රථ, නාවික හමුදාව, පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට හා පැතිර යාම වැලැක්වීමට කටයුතු කර තිබුණි.

ගින්නෙන් වු හානිය පිළිබඳව නිෂ්චිත තක්සේරුවක් කර නොමැති අතර ගින්න සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ කටයුතු වත්තල පොලීසිය මගින් සිදු කරයි.





No comments:

Powered by Blogger.