ජාතික ආණ්ඩුවත් ගැටයක් - එරාන්

ජාතික ආණ්ඩුවත් ගැටයක් - එරාන්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දී ඇති ජාතික ආණ්ඩු සංකල්පය ‘ගැටයක්’ බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

 “ මම දේශපාලනට එන විට යාළුවෝ කිව්වේ ඒකට නම් එපා, ඔබතුමාට හොරකම් කරන්න බැරිවෙයි කියලා. මම ඒ මතයට එකඟ නෑ. අපි දේශපාලනට ආවේ වෙනසක් ඇති කරන්න. අපිට වෙන වෙන දේශපාලන මතභේද තිබෙනවා. පොදුවේ ගත්විට දේශපාලන සංස්කෘතිය විනිවිද භාවෙයන් තිබිය යුතුයි. දූෂණයට ඉඩ දෙන්න බෑ කියන මතයේ අපි ඉන්නවා. අමාත්‍ය කෙනෙක් නම් විධායකයට වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕන. මන්ත්‍රී කෙනෙක් නම් පාර්ලිමේන්තු මහ ලේකම්ට දෙන්න ඕන. මේක ගැටයක් කියලයි මම හිතන්නේ. ළගදි ගහපු ගැටයක් තමයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජාතික ආණ්ඩුව. ජාතික ආණ්ඩු හොඳයි මම ඒකට විරුද්ධ නෑ. ඇමති මණ්ඩලය වැඩි කිරිමට මම එකඟ නෑ. මම 1984 වසරේ සිට ආදායම් බදු දෙපාර්තමෙන්තුවට ප්‍රකාශ දී තිබෙනවා."

"අපිට බැඳියා සමග ගැටුම් තිබෙන්න පුළුවන් (Conflict of Interest). අපි කැබිනට් මණ්ඩලයේ ඉන්නවානම් මම හිතන්නේ අපේ වෘත්තිය හෝ ව්‍යාපාර කරන්න බෑ. කැබිනට් මණ්ඩලය තමයි ඉහළම තීරණ ගන්නේ. මම හිතනවා කැබිනට් මණ්ඩලයට ආරාධනාවක් ලැබුණාම වෘත්තියන් හෝ රැකියාවෙන් ඉවත්විය යුතුයි. මේ ගැටුම්වලින් අපි අයින් වෙන්න ඕන. නැත්නම් මේක මම කළේ පුද්ගලික වාසියකට කියලා හිතන්න පුළුවන්.”

No comments:

Powered by Blogger.