වධක තනතුරට අයදුම්පත් 102ක් – සම්මුඛ පරීක්ෂණ කැඳවීම ලඟදීම
වධක තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
වධක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය 25 වැනිදා අවසන් වූ අතර අයදුම්කළ පිරිස අතර විදෙස් ජාතිකයෙකු ද වන බව අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවසීය.
කෙසේවෙතත් විදෙස් ජාතිකයාගේ අයදුම්පත සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බව බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය.
සෙසු අයදුම්පත් සලකා බැලීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඒවා පරීක්ෂාවෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදුකිරීමට නියමිතයි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී අවධාරණය කළ යුතු අතර එම තීරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වධක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම සිදුකළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූවන් 48 දෙනෙකු මෙරට බන්ධනාගාරවල සිටින අතර ඉන් පිරිසක් අභියාචනා ඉදිරිපත් කිරීම හේතුවෙන් නිශ්චිත වශයෙන්ම මරණ දඬුවම නියමව සිටින රැඳවියන් සංඛ්‍යාව 17ක් බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.
No comments: